ශ්‍රි ලංකාවටත් වැදගත් වෙන ඕස්ට්‍රේලියා - අයර්ලන්ත තරඟය අද #T20WorldCup #AUSvIRE

October 31, 2022 - 10:01 AM

ශ්‍රි ලංකාවටත් වැදගත් වෙන ඕස්ට්‍රේලියා - අයර්ලන්ත තරඟය අද #T20WorldCup #AUSvIRE | ක්‍රීඩා පුවත්

පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටයේ පළමු කාණ්ඩයේ තවත් තීරණාත්මක තරගයක් අද පැවැත්වේ. ඒ, ඕස්ට්‍රේලියාව සහ අයර්ලන්තය අතරයි.

බ්‍රිස්බේන් හීදී පැවැත්වෙන එම තරගය මෙරට වේලාවෙන් පස්වරු 1.30ට ආරම්භවීමට නියමිතය.

සත්කාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායමට මෙම තරගාවලියේ මීළග වටයට පිවිසීම සදහා මෙම තරගයේ ජයග්‍රහණය අත්‍යවශ්‍ය වේ.

ඕස්ට්‍රේලියානු කණ්ඩායම පළමු කාණ්ඩයේ ලකුණු සටහනේ මේවනවිට රැදී සිටින්නේ සිව්වන ස්ථානයේය. ඒ අනුව මෙම තරගාවලියේ අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නම් ඕස්ට්‍රේලියානුවන්ට ඔවුන්ට ඉතිරිව ඇති තරග දෙකම ජයගැනීම අනිවාර්ය වේ.

මෙය පළමු කාණ්ඩයේ තරගයක් බැවින් මෙම තරගයේ තීරණය ශ්‍රී ලංකා කණ්ඩායමටද වැදගත් වේ.

යම් හෙයකින් මෙම තරගයෙන් අයර්ලන්තය ජය ගතහොත් එය ශ්‍රී ලංකා කණ්ඩායමට වාසිසහගත වනු ඇත.

 newsx-sri-lanka-1667190986_340989

WhatsApp
Telegram
Make a Comment
Make a Comment