හික්කඩුවේ වෙඩි තැබීමක්

October 31, 2022 - 10:41 AM

හික්කඩුවේ වෙඩි තැබීමක් | දේශීය පුවත්

හික්කඩුව, තිරාණගම ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, වෙඩි වැදීමෙන් තුවාල ලැබූ දෙදෙනා ප්‍රතිකාර සඳහා ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව ය.

යතුරුපැදියකින් යමින් සිටි දෙදෙනෙකුට තවත් යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු අදාළ වෙඩි තැබීම සිදුකර ඇතැයි වාර්තා වේ.

අද (ඔක්. 31) උදෑසන මෙම වෙඩි තැබීම සිදු වී ඇත.

අධිකරණ කටයුත්තක් සඳහා යමින් සිටි දෙදෙනෙකු එලෙස වෙඩි ප්‍රහාරයට ලක් වී ඇතැයි වාර්තා වේ.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment