UPDATE: හික්කඩුවේ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ දෙදෙනා මරුට (Video)

October 31, 2022 - 11:02 AM

UPDATE: හික්කඩුවේ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ දෙදෙනා මරුට (Video) | දේශීය පුවත්

හික්කඩුව, තිරාණගම ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා ජීවිතක්ෂයට පත් වී තිබේ.

සිද්ධියෙන් තුවාල ලැබූ දෙදෙනා ප්‍රතිකාර සඳහා ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කල අතර ඒ වන විටත් ඔවුන් ජීවිතක්ෂයට පත්ව සිටි බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.

යතුරුපැදියකින් යමින් සිටි දෙදෙනෙකුට තවත් යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු අදාළ වෙඩි තැබීම සිදුකර ඇතැයි වාර්තා විය.

අද (ඔක්. 31) උදෑසන 9.30ට පමණ මෙම වෙඩි තැබීම සිදු වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් සැකකරුවන් අත්අඩංගුවට ගෙන නොමැති අතර පොලිස් විමර්ශන ක්‍රියාත්මක ය.


WhatsApp
Telegram
Make a Comment
Make a Comment