සනත් නිශාන්තට තවත් ලෙඩක් - නිල වාහනේ හැපුනු පුද්ගලයකු දින 15කට පසු මිය යයි

October 31, 2022 - 12:34 PM

සනත් නිශාන්තට තවත් ලෙඩක් -  නිල වාහනේ හැපුනු පුද්ගලයකු දින 15කට පසු මිය යයි | දේශීය පුවත්

රාජ්‍ය ඇමැති සනත් නිශාන්තගේ නිල රියට  හැපුණු පුද්ගලයකු අද දින මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

පුත්තලම මුල්ලිපුරම ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයා දෙදරු පියෙකි.

රාජ්‍ය ඇමති සනත් නිශාන්ත ගමන් කරමින් තිබු සුඛෝපභෝගී ජීප් රථය තවත් රථයක ගැටීමෙන්  ඉකුත් 15 වැනිදා මෙම අනතුර සිදුව තිබුනි.අනතුර සිදුවූ වහාම රාජ්‍ය අමාත්‍යවරයා වෙනත් වාහනයකින් එම ස්ථානයෙන් පිටව ගොස් තිබේ.

පුත්තලම නගරය ආසන්නයේ දී මෙම අනතුර සිදුවී ඇත්තේ අධික වේගයෙන් රිය ධාවනය කිරීම හේතුවෙන් බවටයි පැවසෙන්නේ. අනතුර හේතුවෙන් අනෙක් රථයේ සිටි පුද්ගලයා බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහල වෙත යොමු කළ අතර සති දෙකක කාළයක් රෝහලේ ප්‍රතිකාර ලැබීමෙන් පසු අසාධ්‍ය තත්ත්වයේ පසු වූ  ඔහු අද පෙරවරුවේ ජීවිතක්ෂයට පත්ව තිබේ. 

newsx-sri-lanka-1667199863_9397064

WhatsApp
Telegram
Make a Comment
Make a Comment