මොළය මියැදුනු පුද්ගලයෙකු ගුවනින් කොළඹට

October 31, 2022 - 6:12 PM

මොළය මියැදුනු පුද්ගලයෙකු ගුවනින් කොළඹට | දේශීය පුවත්

ශ්‍රි ලංකා ගුවන් හමුදව සහ සෞඛ්‍ය අමාත්‍යාංශය අතර ඇතිකරගන්නා ලද අවබෝධතා ගිවිසුම ප‍්‍රකාරව අද දින (10- 31) බදුල්ල මහරෝහලේ සිට කොළඹ ජාතික රෝහල වෙත හදිසි අනතුරකින් මොළය මියගිය පුද්ගලයෙකු, ඔහුගේ වැදගත් ශරීර අවයව ලබාගැනීම සදහා ගුවන් මගින් ඉතා ආරක්ෂිතව ප‍්‍රවාහනය කරන ලදි.

මෙම මෙහෙයුම සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අංක 04 හෙලිකොප්ටර් බළඝණයට අයත් බෙල් 412 වර්ගයේ ගුවන් යානාවක් ගිලන්රථයක් ලෙස පරිවර්තනය කර යොදාගන්නා ලදි. මෙම මොළය මියගිය පුද්ගලයාගේ වැදගත් ශරීර අවයව වෙනත් රෝගීන් සදහා ප්‍රදානය කිරීමට සහ විශේෂයෙන්ම හදවත් බද්ධ කිරීමේ සැත්කමක් සිදුකිරීම සදහාද යොදාගැනීමට නියමිතව ඇත.

newsx-sri-lanka-1667220087_9258309

newsx-sri-lanka-1667220088_7344815

WhatsApp
Telegram
Make a Comment
Make a Comment