කැබිතිගොල්ලෑවේ උණුසුම් තත්ත්වයක්: පොලිසිය අහසට වෙඩි තබයි

October 31, 2022 - 10:45 PM

කැබිතිගොල්ලෑවේ උණුසුම් තත්ත්වයක්: පොලිසිය අහසට වෙඩි තබයි | දේශීය පුවත්

අනුරාධපුර, කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ ඇති වූ උණුසුම් තත්ත්වයක් පාලනය කිරීම සඳහා පොලිසිය විසින් අහසට වෙඩි තබනු ලැබ තිබේ.

එම ප්‍රදේශයේ අලියෙකු පහර දීම හේතුවෙන් කාන්තාවක් මිය ගොස් ඇති බවට ලද තොරතුරකට අනුව පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් ඇත.

එහිදී එම ස්ථානයේ රැස්ව සිටි ප්‍රදේශවාසීන් පිරිසක් මාර්ගය අවහිර කරමින් විරෝධතාවක් ආරම්භ කිරීමට උත්සහ කර ඇති අතර එහිදී පොලිසිය සහ එම පිරිස අතර උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ.

එම අවස්ථාවේදී පිරිස අතර සිටි පුද්ගලයෙකු එල්ල සිදු කර ඇති පහරදීමකින් පොලිස් සැරයන්වරයෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇතැයි වැඩිදුරට ත් වාර්තා වේ.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment