ගොවීන්ට අවි අතට ගන්න අමරවීරගෙන් අවසර

September 10, 2022 - 10:55 AM

ගොවීන්ට අවි අතට ගන්න අමරවීරගෙන් අවසර | දේශීය පුවත්

වන සතුන්ගෙන් වගාවට වන හානිය අවම කර ගැනීමට ගොවීන්ට තුවක්කු දීම කෙරෙහි කෘෂිකර්ම අමාත්‍යංශයේ අවධානය යොමුව ඇතැයි වාර්තා වේ.

වගා බිම්වලට වන සතුන්ගෙන් වන හානිය ඉතා තදින් ම අස්වැන්න අඩු වීම කෙරෙහි බලපෑම් ඇති කරන නිසා එය අවම කර ගැනීම පිළිබඳව අමාත්‍යංශය දැඩිව අවධානය යොමු කර ඇත.

පසුගිය කාලය පුරා ම වන සතුන්ගෙන් වගාවට වන හානිය අවම කර ගැනීමට විවිධ සැලසුම් ක්‍රියාවට නැංවුව ද ඒ සියල්ල අසාර්ථක ව්‍යාපෘති බවට පත් වූ බව එහි ප්‍රකාශකයෙක් කීය.

මේ හේතුවෙන් වන සතුන්ගෙන් වගා ආරක්ෂා කර ගැනීමට ගොවීන්ට තුවක්කු දීම කෙරෙහි අවධානය යොමුව ඇත.

කෘෂිකර්ම අමාත්‍යංශයේ තක්සේරු කිරීම්වලට අනුව මෙරට වගා කෙරෙන බෝග අතරින් වාර්ෂිකව 40%ක් පමණ වන සතුන්ගේ හානි හේතුවෙන් විනාශ වන බව එම අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් පැවැසීය. රිළවුන්, වඳුරන් හා දඬුලේනුන් නිසා මහා පරිමාණ බෝග විනාශයක් වන්නේ යැයි ද හෙතෙම කීය.

මොනරු හා වල් ඌරන් ද වගාවට දැඩි ලෙස හානි කරන සතුන් බවට ගොවියන් නිරන්තරයෙන් පැමිණිලි කරන බව ද ඔහු කීය.

මේ හේතුවෙන් වගාබිම් වන සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීමට පිළියම් යෙදීම ගැන වැඩි අවධානයක් යොමු කර ඇතැයි ද හෙතෙම පැවසීය.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment