අනුරාධපුර, කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ ඊයේ (ඔක්. 31) රාත්‍රී ඇති වූ උණුසුම් තත්ත්වයක් පාලනය කිරීම සඳහා පොලිසිය අහසට වෙඩි තබා තිබේ.
ඊයේ රාත්‍රී කැබිතිගොල්ලෑව, රඹකැපූවැව ප්‍රදේශයේ වන අලියෙකු පහර දීමකින් පුද්ගලයෙකු මියගොස් ඇති බවට ලැබුණු තොරතුරක් මත කැබිතිගොල්ලෑව පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් සිව් දෙනෙකු එහි ගොස් ඇත.
එම අවස්ථාවේදී ප්‍රදේශවාසීන් 150 දෙනෙකු පමණ මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයක නිරත වී සිට ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසීය.
එහිදී පොලිස් ස්ථානාධිපතිවරයාට ප්‍රදේශවාසීන් පහර දීමට උත්සහ කර ඇති අතර ඔහුගේ රාජකාරී ගිනිඅවිය ද උදුරා ගැනීමට තැත් කර තිබේ.
එම අවස්ථාවේදී පොලිස් ස්ථානාධිපතිවරයා අහසට වෙඩි තැබීමක් සිදු කර පිරිස විසුරුවා හැරීමට උත්සහ ගෙන ඇත.
පොලිස් ස්ථානාධිපතිවරයාට ප්‍රදේශවාසීන් පහර දීමට උත්සහ කළ අවස්ථාවේදී පොලිස් සැරයන්වරයෙකු විසින් එය වැළැක්වීමට පියවර ගෙන තිබුණු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ කාර්යාලය පැවසීය.
පසුව එම පිරිස අදාළ සැරයන්වරයාට පහර දී තිබේ.
පහරදීමෙන් තුවාල ලැබූ සැරයන්වරයා ප්‍රතිකාර සඳහා කැබිතිගොල්ලෑව රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහල වෙත රැගෙන ගොස් ඇත.
කෙසේ වෙතත්, ඔහු තත්ත්වය බරපතළ වීම හේතුවෙන් ඔහුව මැදවච්චිය රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, එම අවස්ථාවේදී සැරයන්වරයා මියගොස් ඇති බව ය.
ඔහු වාරියපොළ ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි කැබිතිගොල්ලෑව පොලිස් ස්ථානයේ සේවය කළ සැරයන්වරයෙකි.
පහර දීම සම්බන්ධයෙන් ඒ අසල විහාරස්ථානයක හිමිනමක් ඇතුළු පුද්ගලයින් 5 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පැවසීය.
වන අලි ප්‍රහාරයෙන් මිය ගිය පුද්ගලයා ද අසල පිහිටි වෙල් යායක වැටී සිටියදී පොලිස් නිලධාරීන් විසින් කබිතිගොල්ලෑව රෝහලට ඇතුළත් කිරීමට පියවර ගනු ලැබ ඇත.
එලෙස මියගොස් ඇත්තේ, වයසය අවුරුදු 48ක පුද්ගලයෙකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් පැවසීය.