සමථ මණ්ඩල කොමිෂන් සභාවේ කොමසාරිස්වරු පත් කෙරෙති

November 01, 2022 - 10:34 AM

සමථ මණ්ඩල කොමිෂන් සභාවේ කොමසාරිස්වරු පත් කෙරෙති | දේශීය පුවත්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් සමථ මණ්ඩල කොමිෂන් සභාවේ සභාපති සහ කොමසාරිස්වරුන් පත් කරනු ලැබ තිබේ.

ඒ අනුව, එහි සභාපති ලෙස විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු හෙක්ටර් මාපා පත් කර ඇත.

විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නිමල් දිසානායක, විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු චන්ද්‍රදාස නානායක්කාර, ජනාධිපති නීතීඥ විවේකානන්දන් පුවිතරන් සහ ජේ.ඩබ්ලිව්. එස් සිරිවර්ධන එහි සෙසු සාමාජිකයින් ලෙස පත් කර තිබේ.

ඊට අදාළ ගැසට් පත්‍රය ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කරනු ලැබ ඇත.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment