ඇෆ්ගනිස්ථානයෙන් ශ්‍රි ලංකාවට ලකුණු 145ක ඉලක්කයක් #T20WorldCup #SLvAFG

November 01, 2022 - 11:14 AM

ඇෆ්ගනිස්ථානයෙන් ශ්‍රි ලංකාවට ලකුණු 145ක ඉලක්කයක් #T20WorldCup #SLvAFG | ක්‍රීඩා පුවත්

T20 ලෝක කුසලාන තරඟාවලියේ සුපිරි 12 වටයේ ශ්‍රි ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර බ්‍රිස්බේන් හි ගැබා ක්‍රිඩාංගණයේ අද පැවැත්වෙන තරගයේ කාසිය වාසිය දිනාගත් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ අනුව ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුළු 8ක් දැවී ලකුණු 144ක් ලබාගැනීමට සමත් වුනා.

ඇෆ්ගන් ඉනිම වෙනුවෙන් රහමනුල්ලා ගුර්බාස්  ලකුණු 28ක් සහ උස්මාන් ගානී ලකුණු 27ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී වනිඳු හසරංග ලකුණු 13ට කඩුළු 3ක් සහ  ලහිරු කුමාර ලකුණු 30කට කඩුළු 2ක්  දවාගැනීමට සමත් වුනා.

ජයග්‍රහණය සඳහා ශ්‍රි ලංකා කණ්ඩායම පන්දුවාර 20ක් තුල ලකුණු 145ක් ලබා ගත යුතුයි.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment