T20 ලෝක කුසලාන තරඟාවලියේ සුපිරි 12 වටයේ ශ්‍රි ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර බ්‍රිස්බේන් හි ගැබා ක්‍රිඩාංගණයේ අද පැවැති තරගය කඩුළු 6කින් ජයගැනීමට ශ්‍රි ලංකා කණ්ඩායම සමත් වුනා.
තරඟයේ කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදෙමින් කඩුළු 7ක් දැවී ලකුණු 158ක් ලබාගත්තා.
ඇෆ්ගන් ඉනිම වෙනුවෙන් රහමනුල්ලා ගුර්බාස් ලකුණු 28ක් සහ උස්මාන් ගානී ලකුණු 27ක් ලබා ගත් අතර පන්දු යැවීමෙදී වනිඳු හසරංග ලකුණු 13ට කඩුළු 3ක් සහ ලහිරු කුමාර ලකුණු 30කට කඩුළු 2ක් බැගින් දවාගැනීමට සමත් වුනා.
පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ ශ්‍රි ලංකා කණ්ඩායම 19 වැනි පන්දුවාරයේදී කඩුළු 4ක් දැවී ලකුණු 148ක් ලබා තරඟය ජයග්‍රහණය කිරීමට සමත් වුනා.
ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 66යි. කුසල් මෙන්ඩිස් ලකුණු 25යි.
පන්දු යැවීමේදී රෂීඩ් ඛාන් සහ මුජීබ් සද්රාන් කඩුළු 2 බැගින් දවා ගත්තා.
තරඟයේ වීරයා වූයේ වනිඳු හසරංගයි.
මෙම ජයග්‍රහණයත් සමඟ ශ්‍රි ලංකා කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ 3වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණියේ ප්‍රසාද ලකුණු 4ක් ලබා ගනිමින්.
සුපිරි 12 වටයේ ශ්‍රි ලංකා කණ්ඩායම සහභාගී වන අවසන් තරඟය ලබන 05 වෙනිදා එංගලන්තය සමඟින් සිඩ්නිහිදී පැවැත්වීමට නියමිතයි.