අද (නොවැ. 1) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි කෙටි ආහාර වර්ග 4ක මිල රුපියල් 10කින් පහළ දැමීමට තීරණය කළ බව ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසයි.
එහි සභාපති අසේල සම්පත් සඳහන් කළේ, රෝල්ස්, පරාටා, බිත්තර රොටි, එළවළු රොටි යන ආහාර වර්ගවල මිල මෙලෙස පහළ දමන බව ය.
කෙසේ වෙතත්, ප්ලේන් ටී එකක් රුපියල් 30කටත් කිරි තේ එකක් රුපියල් 100කටත් තවදුරට ත් අලෙවි කරන බව ඔහු ප්‍රකාශ කළේ ය.