ලබන වසරේදී 10 ශ්‍රේණියට කෘත්‍රිම බුද්ධිය (Artificial Intelligence) විෂය ඉගැන්වීම ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.
කොළඹ පැවති පෝෂණ අවශ්‍යතා සහිත පාසල් සඳහා දිවා ආහාරය සකසා ගැනීමට අවශ්‍ය ඉවුම් පිහුම් කට්ටල ලබාදීමේ උත්සවයකට එක් වූ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.
සියලු ම ගුරුවරුන් තාක්ෂණය සඳහා පුහුණු කළ යුතුව ඇති බව ත් පාසලෙන් ආරම්භ වී විශ්වවිද්‍යාල පද්ධතිය ඇතුළු සමස්ත විශ්වවිද්‍යාල පද්ධතිය ම පරිවර්තනයකට ලක් කළ යුතු බව ත් සුසිල් ප්‍රේමජයන්ත පැවසීය.