උද්ඝෝෂණ සදහා දැන් පාරට බහින්නේ ගෑස් පෙට්‍රල් පෝලිම් දරා ගත නොහැකි පිරිස් ද, නොඑසේ නම් ඉල්ලූ වෙනසට අනුව රට ක්‍රමයෙන් ස්ථාවර වෙනවාට, ජාතිවාදී ආගම්වාදී දේශපාලය වෙනුවට රට ගොඩනගන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනවාට අකැමැති පිරිස දැයි අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අද (01) දින පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී දැඩි ලෙස ප්‍රශ්න කර සිටියේ ය. ඒ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අතරතුර මාධ්‍යෙව්දියකු නැගූ පැනයකට පිළිතුරු ලබා දෙමිනි.
එහි දී අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද පවසා සිටියේ ය.
‘දෙවැනිදා උද්ඝෝෂණයට එන්නේ පෙට්‍රල්, ගෑස් පෝලිම් දරා ගන්න බැරි, පැය දහයක් දොළහක් කරන්ට් කපන නිසා, දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වුණු, කර්මාන්ත ශාලා කරගන්න බැරි අය ද? ඉතා ඉහළ තිබුණු බඩු මිල ටික ටික අඩු වෙන එක දරා ගන්න බැරි, අඩු වෙන තෙල් මිල ඉවසාගන්න බැරි අය ද? වසා තිබුණු පාසල්, සරසවි විවෘත වෙලා අධ්‍යයන කටයුතු අරම්භ වෙලා තියෙන නිසා ද? කර්මාන්ත ශාලා ටිකේ නිෂ්පාදන එළියට ගිහින් වැඩි විදේශ විනිමය ප්‍රමාණයක් ලැබෙන්න පටන් අරන් තියෙන නිසා ද?
පොහොර සුලභ වෙලා, පනස් දහසේ පොහොර මිටිය දසදහසට තියෙන නිසා ද? වගා කරගන්න පුළුවන් නිසා ද? ඔක්තෝබර් වල එනවා කියූ සාගතයට ආහාර සුරක්ෂිතතා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නිසා ද? ඔක්තෝබර් වෙද්දී කඩාගෙන වැටෙයි කියපු රට ස්ථාවර වෙමින් පවතින නිසා ද? දෙසැම්බර් මුල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල මට්ටමේ එකගතාව ලැබෙන නිසා ද? ණය සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා ක්‍රියාත්මක වෙමින් තියෙන නිසා ද? ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සහනයක් ලැබිලා රට ස්ථාවර ව ඉදිරියට ගියොත් ප්‍රශ්නයක් වෙන නිසා ද?‘
ආර්ථික වශයෙන් ස්ථාවර වීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකගතාව අවශ්‍ය බවත්, එය දෙසැම්බර් මුල දී ලැබීමට නියමිත බවත්, අනෙකුත් රාජ්‍යයන් අතරින් ජපානය සුබවාදී ප්‍රතිචාර දක්වා ඇති බවත්, චීනය හා ඉන්දියාව සමග නැවත කෙරෙන සාකච්ඡාවන්ට සාධනීය ප්‍රතිචාර ලැබී ඇති බවත්, මේ ආකාරයට රටේ හොද තත්ත්වයන් ඇති වෙන නිසා නැවත වරක් උද්ඝෝෂණ ආරම්භ කරන්නේ ද යන්න ගැටලු සහගත බවත් අමාත්‍යවරයා එහි දී පැවැසීය.