තඹුත්තේගම කොත්මල්පුර ප්‍රදේශයේ ගොවිතැන ජීවනෝපාය කරගත් අයෙකු වන අලි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් වී තිබෙන බව තඹුත්තේගම පොලිසිය පවසනවා.
මෙසේ ජීවිතක්ෂයට පත්වී තිබෙන්නේ අංක 226 කොත්මල්පුර තඹුත්තේගම යන ලිපිනයේ පදිංචි දිසානායක මුදියන්සේලාගේ නවරත්න දිසානායක (අවු. 59] පුතුන් හතර දෙනෙකුගෙන් යුත් පුද්ගලයෙකි.
තම කුඹුරු යායේ එළවළු වගා කර ඇති නිසා නවරත්න මහතා සන්ධ්‍යා කාලයේදී තම යතුරු පැදියෙන් ගම්මානය නොදුරින් පිහිටි තම කුඹුරට යාම පුරුද්දක් කරගෙන සිටි අයෙකුයි.
පසුගියදා 31දා සුපුරුදු පරිදි සන්ධ්‍යා කාලයේ රාත්‍රී ආහාර ද රැගෙන යතුරු පැදියෙන් තමන්ගේ කුඹුර වෙත ගොස් තිබේ.තම කුඹුරට ලඟා වීමත් සමඟම ඔහුට තම යතුරු පැදිය හරවා ගැනීමට පවා කාලය නොමැති අවස්ථාවක වන අලියෙකු විසින් පහර දී තිබෙනවා.
පසුදා පහන් වනතුරු පියා ගැන තොරතුරක් නොමැති නිසා නවරත්න මහතාගේ පුතෙකු පියා ගැන සොයා බලාතිබේ. තම පුතා කුඹුරට යන අවස්ථාවේදීත් පියා යතුරු පැදියක් සමඟම ඇද වැටී සිටිනු දැක අසල්වාසින්ට ද කතාකර පෞද්ගලික වෑන් රථයකින් තඹුත්තේගම මූලික රෝහලට ඇතුළත් කර තිබේ.රෝහල් ආරංචිමාර්ග පවසන ආකාරයට නවරත්න මහතා රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදීත් වන අලි ප්‍රහාරය හේතුවෙන් මිය ගොස් ඇති බව පවසයි.
තඹුත්තේගම පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.