ජේ.ආර්. ජයවර්ධන දැක්ම ඉදිරියට ගෙන යා හැකි වත්මන් එකම නායකයා ජනපති රනිල් වික්‍රමසිංහ පමණක් බව ප්‍රථම විධායක ජනාධිපති දිවංගත ජේ. ආර්. ජයවර්ධන මහතාගේ ගුණ සමරුවේදී කෝට්ටේ විහාර පාර්ශ්වයේ ලේඛකාධිකාරී, ජපානයේ ප්‍රධාන සංඝනායක පුජ්‍ය පැල්පොළ විපස්සි හිමියෝ පවසති.
පුළුල් දැක්මක් ඇති නායකයෙක් වූ දිවංගත ජේ.ආර්. ජයවර්ධන ශ්‍රීමතාණන් තරුණ අවධියේදී රටේ රාජ්‍ය නායකත්වයට පත්වූවා නම් ශ්‍රී ලංකාව අද ධනවත් රාජ්‍යයක් බවත්. එවන් කාර්යයක් වර්තමානයේ ඉටු කළ හැකි එකම නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බවත් උන්වහන්සේ පවසනවා.
ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ ලේ නැකම් ඇති වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට එම ශක්තිය ඇති බව පැවසූ උන්වහන්සේ මොවුන් දේශපාලනයෙන් කිසිවක් උපයා නොගත්
අතර තම දේපළ පවා ජනතාව වෙනුවෙන් කැප කළ නායකයින් බවත් එදා නිසි නායකත්වය හඳුනා නොගැනීම හේතුවෙන් රටට අද මෙවන් අර්බුදයකට මුහුණ දීමට සිදුවි ඇති බව වැඩිදුරටත් පැවසූහ.