ශ්‍රී ලංකාවේ දුෂ්කර ප්‍රදේශවල ගොවීන් සහ ධීවරයින් සඳහා චීනය ඩීසල් ලීටර් මිලියන 10.6 ක් පරිත්‍යාග කර තිබෙනවා.
මෙම පරිත්‍යාගය කෘෂිකාර්මික හා ධීවර ක්ෂේත්‍රයේ වඩාත් බලපෑමට ලක් වූවන්ගේ ජීවනෝපාය නංවාලීමේ අරමුණින් මෙම පරිත්‍යාගය සිදුකරන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසනවා.
නැව්ගත කිරීම නොවැම්බර් සහ දෙසැම්බර් අතර සැලසුම් කර ඇති අතර, අවශ්‍ය අයට හැකි ඉක්මනින් එම ඩීසල් බෙදා හරිනු ලබනබව වැඩිදුරටත් පවසනවා.