ආනයනය කරන රසකැවිලි ගැන විශේෂ ගැසට් එකක්

November 02, 2022 - 7:54 AM

ආනයනය කරන රසකැවිලි ගැන විශේෂ ගැසට් එකක් | දේශීය පුවත්

මෙරටට ආනයනය කරනු ලබන භාණ්ඩ හා නිෂ්පාදන පහක් සඳහා උපරිම සිල්ලර මිල සඳහන් කළ යුතු බවට නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 

ඒ ඊයේ (01) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදියි. 
 
ඒ අනුව ආනයනය කරනු ලබන රසකැවිලි, චොකලට්, බිස්කට්, කේක් සහ සුවඳ සබන් සඳහා උපරිම සිල්ලර මිලක් සඳහන් කළ යුතු බවට නිවේදනය කර තිබෙනවා. 
 
එම භාණ්ඩ දිවයිනට ඇතුළු වන ස්ථානයේදීම අදාළ ආනයනකරු විසින් භාණ්ඩය මත පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත ඉදිරිපත් කරන ලද ප්‍රකාශිත උපරිම සිල්ලර මිල, ආනයනකරුගේ නම සහ ලිපිනය ඉංග්‍රීසි භාෂාවෙන් පැහැදිලිව සඳහන් කළ යුතු බව අදාළ ගැසට් නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

newsx-sri-lanka-1667355858_288554

WhatsApp
Telegram
Make a Comment
Make a Comment