මුහුදු දේශසීමා ආක්‍රමණය කරමින් උතුරු කොරියාවෙන්, දකුණු කොරියාවට ප්‍රථම වරට මිසයිල ප්‍රහාර

November 02, 2022 - 10:07 AM

මුහුදු දේශසීමා ආක්‍රමණය කරමින් උතුරු කොරියාවෙන්, දකුණු කොරියාවට ප්‍රථම වරට මිසයිල ප්‍රහාර | විදේශීය පුවත්

අර්ධද්වීපය දෙකඩ වීමෙන් පසු ප්‍රථම වතාවට දෙරටේ සමුද්‍ර දේශසීමාව තරණය කළ උතුරු කොරියාව දකුණු කොරියාව දෙසට මිසයිලයක් එල්ල කර තිබේ.

කෙටි දුර බැලස්ටික් මිසයිලය දකුණේ සොක්චෝ නගරයේ සිට කිලෝමීටර් 60ක් (සැතපුම් 37ක්) පමණ දුරින් පතිත වූ අතර උල්ලුන්ග්ඩෝ දූපතට ගුවන් ප්‍රහාර අනතුරු ඇඟවීම් නිකුත් කළේය.
newsx-sri-lanka-1667363852_6293470

 පසුව දකුණු කොරියාව උතුරු කොරියාවට ප්‍රතිචාර වශයෙන් මිසයිල තුනක් එල්ල කළේය.

සෝල් හි ජනාධිපති යූන් සුක්-යෙයෝල් ප්යොංයැං මෙම ප්‍රහාරය "සාර්ථක ගොඩබිම් ආක්‍රමණයක්" ලෙස සඳහන් කල බව විදෙස් මාධ්‍ය වාර්තා කලේය.

එමෙන්ම පසුගිය බදාදා උදෑසන මිසයිල 10ක් වත් එල්ල කළ බවට දකුණු කොරියානු හමුදාව පවසයි. උතුරු ‌කොරියානු ප්‍රහාර වලට ප්‍රතිචාර වශයෙන් එහි සමුද්‍ර දේශසීමාවෙන් උතුරට ගුවනින් ගොඩබිම් මිසයිල තුනක් එල්ල කළ බවයි.

ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන් නිවේදනයක් නිකුත් කරමින් දකුණු කොරියාව සඳහන් කර තිබුණේ “උතුරු කොරියාවේ මෙවැනි ප්‍රකෝපකාරී ක්‍රියාවක් හමුදාවට ඉවසා සිටිය නොහැකි බවත්, සමීප දකුණු කොරියානු- ඇ.එක්සත් ජනපද සහයෝගීතාවය යටතේ දැඩිව සහ ස්ථිරව ප්‍රතිචාර දක්වනු ඇති බවයි”

මේ අතර උතුරු කොරියාවේ යුධමය හැසිරීම් වලට  ප්‍රතිචාර වශයෙන් දකුණු කොරියාව සහ ජපානයේ නායකයින් දෙදෙනාම ජාතික ආරක්ෂක රැස්වීම් කැඳවා තිබේ.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment