කැබිතිගොල්ලෑවේදි මියගිය පොලිස් සැරයන්ට උසස් වීමක්

November 02, 2022 - 1:11 PM

කැබිතිගොල්ලෑවේදි   මියගිය පොලිස් සැරයන්ට  උසස් වීමක් | දේශීය පුවත්

2022.10.31 වන දින කැබිතිගොල්ලෑව ප්‍රදේශයේදී ප්‍රචණ්ඩකාරී පිරිසකගේ ක්‍රියාවක් හේතුවෙන්  කැබිතිගොල්ලෑව පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කල පොලිස් සැරයන් 12601 අගම්පොඩිගේ සුනිල්  මහතා පසුගියදා ජීවිතක්ෂයට පත්වුනා.

2022.10.31 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි පශ්චාත් උසස් වීම් පදනම යටතේ  පොලිස් සැරයන් තනතුරේ සිට උප පොලිස් පරීක්ෂක තනතුරට උසස් කිරීමට පොලිස්පතිතුමන් විසින්  නියෝග කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා.

එම නිළධාරී මහතාගේ අවමංගල්‍ය කටයුතු 2022.11.03 වන දින වාරියපොල, සුමංගල අතුරු මාවත පොදු සුසාන භූමියේදී දී පූර්ණ පොලිස් ගෞරවාචාර මැද සිදු කිරීමටද නියමිත බව වැඩිදුරටත් එම නිවේදනයේ සඳහන් වනවා.

.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment