හැටන් නගරයේ පෙට්‍රල් නෑ - තෙල් මිල අඩුවීමේ පෙරනිමිතිද?

November 02, 2022 - 2:05 PM

හැටන් නගරයේ පෙට්‍රල් නෑ - තෙල් මිල අඩුවීමේ පෙරනිමිතිද? | දේශීය පුවත්

හැටන් නගරයේ පිහිටි සිපෙට්කෝ සහ IOC ඉන්ධන පිරවුම්හල් වල  දින 3ක  සිට පෙට්‍රල් ඉන්ධන හිඟයක් පවතින බව පෙට්‍රල් වාහන හිමියන් පවසනවා. 

එම නිසා තමන් දැඩි අසිරුතාවයට පත් ව සිටින බවයි ත්‍රිරෝද රථ රියදුරන් ඇතුළු පෙට්‍රල් වාහන හිමියන් කියා සිටින්නේ. 
 
පෙට්‍රල් ඉන්ධන හිඟය ඇති විමට හේතුව අප එම ඉන්ධන පිරවුම්හල් වල කලමණාකාරවරුන්ගෙන් කළ විමසුමකට ඔවුන් කියා සිටියේ පෙට්‍රල් ඉන්ධන මිල අඩු කිරිමට රජය සුදානම් වන බවට තොරතුරු ලැබි ඇති නිසා පෙට්‍රල් ඉන්ධන ලබා ගැනිමට ඇණවුමක් ඉදිරිපත් නොකළ බවයි. 
 
පෙට්‍රල් හිඟය නිසා යතුරුපැදි සහ පෞද්ගලික වාහන වලින් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවයට පැමිණෙන සේවකයින් දැඩි අසිරුතාවයට පත් වී සිටිනු දක්නට ලැබුණා.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment