කේස් දාගන්නේ නැතුව Drone යවන්නේ කොහොමද?

September 10, 2022 - 11:34 AM

කේස් දාගන්නේ නැතුව Drone යවන්නේ කොහොමද? | තාක්ෂණික පුවත්

ලංකාවට අලුත් වුණත් ලෝකයේ බොහොමයක් ආරක්ෂක අංශ විසින් භාවිත කරන උපකරණයක් තමයි Digital Eagle portable drone jammer කියන්නේ. මේ ගැන ලොකු කතාබහක් මීට වසකට පමණ පෙර නම් ඇති වුණා.

කොහොම වුණත්  අනවසරයෙන් ගුවන්ගත කරන Dronesවල පාලනය ඒකේ දුරස්ථ පාලනයෙන් අයින් කරලා තමන්ගේ පාලනයට යටත් කරලා බිමට බස්සවන්න හෝ බිමට අතහැර දැමීමට තමයි මේක භාවිත කරන්නේ. මේ Drone Jammer Gun එකෙන් මීටර් 1500ක පරාසයක් ඇතුළත තියෙන ඕනෑම ඩ්‍රෝන් එකක් උඩුගුවනේදීම පාලනයට ගන්න හෝ ක්‍රියාවිරහිත කරලා බිමට වට්ටවන්න හැකියාව තියෙනවා.

මෙහිදී ඉහළ ධාරිතාවකින් යුත් ලිතියම් අයන් බැටරි දෙකක් භාවිත වන අතර පහසුවෙන් අතේ ගෙන යා හැකි ප්‍රමාණයට සහ බරකින් නිපදවා තිබෙනවා. මේ බැටරි දෙක එක වරක් ආරෝපණය කිරීමෙන් පසු පැය දෙකක පමණ කාලයක් භාවිත කිරීමේ හැකියාව පවතිනවා. මේ වෙනකොට ශ්‍රී ලංකාවේ ඩ්‍රෝන් ලියාපදිංචි කිරීමකින් තොරව ගුවන්ගත කරන්න බෑ කියන නීතිය පිළිබඳව ඔයා දන්නවා ඇති.

මේ නීතියට පිටින් යන හැම කෙනෙක්ගෙම ඩ්‍රෝන් මේ විදිහට පාලනයට අරගෙන බස්සවන්න හෝ කඩා වට්ටන්න ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතුව බළඇණියක්ම පිහිටුවලා තියෙනවා. ඉතින් මතක ඇතුව ඔයත් ඔයාගේ ඩ්‍රෝන් එක යවන්න කලින් අදාළ ලියාපදිංචි කිරීම සිදු කරලා අවසර අරගෙන අදාළ ක්‍රියාපටිපාටිවලට අනුව ඩ්‍රෝන් එක ගුවන් ගත කරන්න.


ශෙනායා හේවාගම

WhatsApp
Telegram
Make a Comment
Make a Comment