ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) නවතම විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රි ලංකා ක්‍රිඩකයින් දෙදෙනෙක් මුල් දස දෙනා අතර ස්ථාන වෙන කරගෙන තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංගට එම ශ්‍රේණිගත කිරීමේ ලයිස්තුවේ දෙවෙනි ස්ථානය හිමිව ඇත.
මහීෂ් තීක්ෂන 7 වැනි ස්ථානයේ සිට 9 වැනි ස්ථානය දක්වා නවතම ශ්‍රේණිගත කිරීම් අනුව පහළට ගොස් තිබේ.
මෙම ශ්‍රේණිගත කිරීම් අනුව ප්‍රථම ස්ථානයේ පසුවන්නේ ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ දඟපන්දු යවන්නෙකු වන රෂීඩ් ඛාන්.