ඕමාන් රජය විසින් ශ්‍රී ලංකාව වෙත රුපියල් මිලියන 191 ක් වටිනා ඖෂධ ආධාර තොගයක් පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා වෙත නිල වශයෙන් ප්‍රදානය කෙරිණි.
හෘද රෝග ,අධිරුධිර පීඩනය, ආතරයිටීස්, හෝමෝන අසමතුලිතතා, පියයුරු පිළිකා ඇතුළු පිළිකා රෝග,ස්නායු රෝග සඳහා භාවිතා කරන අත්‍යවශ්‍ය ඖෂධ මේ අතර වේ.
ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයකට මුහුණ පා තිබෙන බවත් ඒ හේතුවෙන් ඖෂධ හිඟයක් මතුවෙමින් පවතින බවත් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අදාළ බලධාරීන් ඒ තත්ත්වය කළමනාකරණය කර ගනිමින් යථා තත්ත්වයට එය ගෙන ඒමට වෙහෙස ගන්නා බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
ඒ අතරතුර විවධ රටවලින් කෙරෙන මෙවැනි ඖෂධ ආධාර මහත් පිටිවහලක් බවද අමාත්‍යවරයා මෙහිදී කීය.
ඕමානය හා ශ්‍රී ලංකාව අතර දැනුම් හුවමාරු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම කෙරෙහිද අමාත්‍යවරයා හා තානාපතිවරයා මෙහිදී පැවති සාකච්ඡාවේදී අවධානය යොමු විනි.