කසළ අංගනයේ තිබෙන නුවරඑලියේ ඖෂධ

November 02, 2022 - 7:23 PM

කසළ අංගනයේ තිබෙන නුවරඑලියේ ඖෂධ | දේශීය පුවත්

සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ පාලනය වන නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලේ කල්ඉකුත් වු රුපියල් ලක්ෂ පනහක් පමණ වටිනා ඖෂධ තොගයක් විනාශ කිරිම සදහා තලවකැලේ ලිදුල නගර සභාව වෙත භාර දි ඇති බව තලවකැලේ ලිදුල නගර සභාවේ සභාපති චන්දන ප්‍රදිප් ගුණතිලක මහතා පැවසිය.

මිට මාස දෙකකට පමණ ප්‍රථම එම රෝහලේ දිස්ත්‍රික් ලය චිකිත්සාගාරයේ  ස්ථානභාර වෛද්‍ය නිලධාරි විසින් ලිඛිතව ලය රෝගි අංශයේ අපද්‍රව්‍ය සහ කල් ඉකුත් වු ඖෂධ තොගයක් නගර සභාව යටතේ පාලනය වන තලවකැලේ හොලිරුඩ් ප්‍රදේශයේ පිහිටි කසල අංගණයේ කසල දාහකය වෙත නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා වෙත රැගෙනවිත් භාර දි ඇති බවයි සභාපතිවරයා කියා සිටියේ.

2022.09.16 දින නගර සභාව වෙත ලිඛිතව ඉල්ලිමක් කරමින් රෝහලේ දිස්ත්‍රික් ලය චිකිත්සාගාරයේ ස්ථානභාර වෛද්‍ය නිලධාරිවරයා වැඩිදුරටත් එම ලිපියෙන් ඒ සදහා නගර සභාව වෙත යම් මුදලක් ගෙවිමට ඇත්නම් එම මුදල නගර සභාව වෙත ගෙවිමට එකග වන බව එම ලිපියේ සදහන් කර ඇති බවයි තලවකැලේ ලිදුල නගර සභාවේ සභාපතිවරයා පැවසුවේ.

සෙනසුරාදා දිනයක එම ඖෂධ තොගය විනාශ කිරිමට භාර දි ඇති බවත්, භුමිතෙල් නොමැතිකම සහ ඉන්ධන මිල ඉහල යාම හමුවේ එම ඖෂධ තොගය සහ අපද්‍රව්‍ය තොගය විනාශ කිරිමට නොහැකි වු නිසා අපද්‍රව්‍ය සහ ඖෂධ තොගය තම නගර සභාවේ කැලි කසල අංගණයේ ගොඩ ගසා ඇති බවයි සභාපතිවරයා කියා සිටියේ.

එම ඖෂධ අතර ප්‍රතිජිවක ඖෂධ , කුඩා ළමුන්ගේ රෝග සදහා නිකුත් කරනු ලබන ඖෂධ වර්ග ඇතුළු ඖෂධ රැසක් තිබෙන බව වෛද්‍යවරයෙකු පැවසිය.

(රංජිත් රාජපක්ෂ - හැටන්)

newsx-sri-lanka-1667397064_2843625

newsx-sri-lanka-1667397064_5965296

WhatsApp
Telegram
Make a Comment
Make a Comment