ජර්මනියේ සිට මෙරටට තැපැල් මගින් එවා තිබූ සැකකටයුතු පාර්සලයක් පරික්ෂා කිරීමේදී සූක්ෂ්ම ලෙස අසුරා තිබූ මත්පෙති කිලෝග්‍රෑම් 2 ග්‍රෑම් 387ක් සොයාගැනීමට ශ්‍රි ලංකා රේගුවේ තැපැල් තක්සේරු අංශය සමත්ව තිබේ.
විදේශයන්හි සිට මෙරටට තැපැල් මගින් එවන පාර්සල් පරීක්ෂා කිරීමේ රාජකාරියේ නියැලී සිටි සහකාර රේගු අධිකාරී මහතාට ඇතිවූ සැකය මත විදේශ තැපැල් පාර්සලයක් විශේෂ පරීක්ෂාවකට ලක්කර තිබේ.
එම පාර්සලය කාඩ්බෝඩ් වලින් සාදන ලද පෙට්ටියකින් සමන්විත ව තිබී ඇති අතර එය ජර්මනියේ සිට අංගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් වෙත ඒවා තිබිණි. මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබුණ ලේඛනවල සඳහන්ව ඇත්තේ එහි පුද්ගලික භාණ්ඩ අඩංගු බවටයි.
එසේ පරික්ෂා කිරීමේ දී එම කාඩ්බෝඩ් පෙට්ටියේ බිත්ති අතර ඉතා සූක්ෂ්ම ලෙස අසුරා තිබූ මෙතෆෙටමින් නමැති මත්ද්‍රව්‍ය පෙති තොගයක් සොයාගෙන තිබේ. එහි මත් පෙති 4956 ක් තිබී ඇති අතර ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් විසින් ඒවා පරික්ෂා කිරීමෙන් අනතුරුව එහි වෙළඳපොළ වටිනාකම රුපියල් මිලියන 49.56 කට තක්සේරු කර ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා මහතා සඳහන් කලේය.
මේ පිලිබදව මුලික විමර්ශන කටයුතු සිදු කිරීමෙන් අනතුරුව ඉදිරි විමර්ශන කටයුතු සිදු කිරීම සඳහා නඩු භාණ්ඩ ශ්‍රී ලංකා පොලිසියේ මත් ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් හට භාර දී තිබේ.