පාසල් සිසුවියක් පැහැරගෙන ගොස් අතවර කරලා

November 02, 2022 - 11:10 PM

පාසල් සිසුවියක්  පැහැරගෙන ගොස් අතවර කරලා | දේශීය පුවත්

දෙනියාය ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක 11 වසරේ ඉගෙනුම ලබන සිසුවියක් (31දා) මොරවක ප්‍රදේශයේ උපකාරක පන්තියකට ගොස් එමින් සිටියදී කොටපොල වරල්ල ප්‍රදේශයේදී ත්‍රීවිල් රථයකින් පැහැරගෙන ගොස් මොරවක ප්‍රදේශයේ පාළු නිවසක දී අතවරයට ලක් කොට නැවත වරල්ල ප්‍රදේශයට එම ත්‍රීවිල් රථයෙන්ම ගෙනැවිත් දමා ඇති බව කොස්මෝදර පොලීසිය සඳහන් කරයි.

සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර ඔවුන් අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය. කොස්මෝදර පොලිසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment