බිරිඳගේ 12 හැවිරිදි නැගණිය පිහියකින් ඇන මරා දැමූ අයට මරණීය දණ්ඩනය

November 02, 2022 - 11:13 PM

බිරිඳගේ 12 හැවිරිදි නැගණිය පිහියකින් ඇන මරා දැමූ අයට මරණීය දණ්ඩනය | දේශීය පුවත්

පවුල් ආරවුලක් හේතුවෙන් වසර 11කට පෙර ලුණුගම්වෙහෙර උනාතුවැව ප්‍රදේශයේදී 12 හැවිරිදි දැරියක ඝාතනය කිරීමේ වරදට වරදකරු වූ 44 හැවිරිදි පුද්ගලයෙකුට හම්බන්තොට මහාධිකරණ විනිසුරු මරණීය දණ්ඩනය නියම කළේය.

මෙලෙස මරණීය දණ්ඩනය නියම වූයේ ඝාතනයට ලක් වු දැරියගේ අක්කාගේ සැමියා වන අංක 78, බිසෝකොටුව, කොළඹගෙආර, උඩවලව ලිපිනයේ පදිංචි 44 හැවිරිදි මාවෙලගේ සංජීව රාජපක්ෂ නමැති අයෙකුටයි.

නීතිපතිවරයා වෙනුවෙන් රජයේ අධිනීතීඥ නිමංක ජයවික්‍රම මහතා පැමිණිල්ල මෙහෙයවිය.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment