දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද දිනයේත් වැසි

November 03, 2022 - 10:36 AM

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද දිනයේත් වැසි | දේශීය පුවත්

ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවය තවදුරත් පවතී.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. 

උතුරු, බස්නාහිර සහ වයඹ පළාත්වල උදය කාලයේදීද වැසි ඇති විය හැක.  උතුරු, උතුරු-මැද, ඌව නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 75කට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැක. 

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉල්ලා සිටිනු ලැබේ. ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment