හිදෝගම ප්‍රදේශයේදී විදුලි සැර වැදීමකින් වන අලියකු මිය ගොස් ඇති අතර අනුරාධපුර වනජීවී කාර්යාලයේ නිලධාරීන් විසින් අදාළ සිද්දිය සම්බන්ධයෙන් විමර්ශණ අරඹා තිබෙනවා.
හිදෝගම, ඉහළ කොන්ගස්වැව, ලබුගලයාය ප්ප්‍රදේශයේදී එම වන අලි මරණය සිදුව තිබේ. පොල්, අඹ හා දෙහි ආදී වගාවන් සහිත ඉඩමක් වටා ඇද තිබූ පුද්ගලික විදුලි වැටකින් එම අලියාට මෙලෙස විදුලි සැර වැදී ඇති අතර විදුලි සැරට ලක්වූ එම වන අලියා එම ස්ථානයේදීම මරුමුවටපත්ව තිබෙනවා.
අද(03) අලුයම කාලයේ එම වනඅලියා මෙලෙසවිදුලි සැර වැදීමෙන් මිය ගොස් ඇති අතර මිය ගොස් ඇති වන අලියා වයස අවුරුදු 10ක් පමණ වෙතැයි වනජීවී නිලධාරීහු අනුමාන කරති.
අනුරාධපුර වනජීවී කාර්යාලයේ නිලධාරීන් හා හිදෝගම පොලිස් ස්ථානය මගින් සිද්දිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ සිදුකරයි.