නුවරඑලියේ නීති විරෝධී ලෙස මැණික් ගැරූ 09 ක් අත්අඩංගුවට

November 03, 2022 - 11:27 AM

නුවරඑලියේ නීති විරෝධී ලෙස මැණික් ගැරූ  09 ක් අත්අඩංගුවට | දේශීය පුවත්

විශේෂ කාර්ය බලකාය නුවරඑළිය කඳවුරේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව නිලධාරීන් කණ්ඩායමක් විසින් 11.02 වන දින පට්ටිපොල, මීනගොල්ල රජයේ රක්ෂිත භූමියේ දී වැටලීම් දෙකක් සිදුකර ඇත.

එහි දී අනවසරයෙන් රක්ෂිතයට ඇතුළු වී නීති විරෝධී ලෙස දිගු කලෙක පටන්  මැණික් ගැරිමේ යෙදී සිටි අඹේවල, කහවත්ත, පැල්මඩුල්ල, මහනුවර, ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 29ත් 50ත් අතර පසුවන  සැකකරුවන් 09 දෙනෙකු,මැණික් ගැරීම සදහා භාවිත කරන උපකරණ සහ පතල් වලින් ලබා ගන්නා පස් සාමිපල්ද සමග අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පට්ටිපොල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
newsx-sri-lanka-1667454980_9389201

newsx-sri-lanka-1667454983_1686639

WhatsApp
Telegram
Make a Comment
Make a Comment