අභිනව අටමස්ථානාධිපති ලෙස නුවරකලාවියේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් ලබන 11දා නිලවශයෙන් වැඩ භාරගැනීමට නියමිතය.
පසුගියදා රැස්වූ අටමස්ථාන කාරක සභාව ඒකමතිකව තමා අභිනව තනතුර සඳහා තොරගත් බව හේමරතන නාහිමියෝ අද (03දා) මාධ්‍යට ප්‍රකාශ කළ හ.
වසර25ක පමණ කාලයක් රුවන්මැලි චෛත්‍යාරාමාධිකාරී ධූරයේ කටයුතු කළ හේමරතන නාහිමියන් 1975 වර්ෂයේ මල්වතු මහාවිහාරයේ දී උපසම්පදා ලැබූහ.අනුරාධපුර මහා විහාර පිරිවෙනින් හා කොළඹ මාළිගාකන්ද විද්‍යෝදය මහ පිරිවෙනින් මූලික අධ්‍යාපනය ලැබූ උන් වහන්සේ කැළණිය විශ්වවිද්‍යාලයෙන් පුරාවිද්‍යාව පිළිබඳ විශේෂවේදී උපාධිය ලබාගත් හ.
1977 සිට 1988 දක්වා ශ්‍රීමහා බෝධීන් වහන්සේගේ තේවා කටයුතු භාරව කටයුතු කළ උන්වහන්සේ මහාවිහාර පිරිවෙනේ ආචාර්ය වරයෙකු ලෙසද කටයුතු කර ජේතවනාරාම විහාරස්ථානයේ විහාරාධීකාරීත්වය දරා අනතුරුව 1997 සිට මේ දක්වා රුවන්මැලි චෛත්‍යාරාමාධිකාරීත්වය දරමින් සිටී. හේමරතන හිමියන්ට 1995 වසරේ නුවරකලාවියේ උප ප්‍රධාන සංඝනායක පදවිය හිමිවූ අතර පසුව නුවරකලාවියේ ප්‍රධාන සංඝනායක තනතුරුට පත්වූහ.
ලබන 11වැනිදා උදෑසන 7ට ශ්‍රීමහා බෝ මළුවේ උතුරු වාහල්කඩ අබියස දී සම්ප්‍රදායිකව අටමස්ථාන කාරක සභාවේ සභාපති වෛද්‍ය ජනක බුලන්කුලම මහතා අතින් උන්වහන්සේට පිරිනමන මල්වට්ටිය බෝධීන් වහනස්සේට පූජාකර ආගමිකවතාවත් පැවැත්වීමෙන් අනතුරුව නාහිමියන් වැඩභාරගැනීමට නියමිත වේ.
ශ්‍රී මහා බෝධී අංකුරයක් වෙනත් විහාරස්තානයකට පිරිනැමීමද මෙම උත්සවයේ සාම්ප්‍රදායික අංගයක් ලෙස එදින සූදානම් බව නාමියෝ එම මාධ්‍ය හමුවේ දී සඳහන් කළ හ .