බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් මහ රැජිණගේ දේහය මේ වන විට එඩින්බරෝහි හොලිරූඩ්හවුස් මාලිගයේ තැන්පත් කර තිබේ.
ඊයේ (සැප්. 11) දිනයේදී ඇගේ දේහය ස්කොට්ලන්තයේ බැල්මොරල් මාලිගයේ තැන්පත් කර තිබූ අතර පැය 6ක ගමනකින් පසු එය හොලිරූඩ්හවුස් මාලිගය වෙත රැගෙන එන ලදී.
මහ රැජිණගේ දේහය රැගෙන ආ මාර්ගය දෙපස සිට ඇයට අවසන් ගෞරව දැක් වූ මහ ජනතාව හොලිරූඩ්හවුස් සහ බැල්මොරල් මාලිගවල ගේට්ටු ඉදිරිපිට සිට ද ඇයට පුෂ්පෝපහාර දැක් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
එම වාර්තා සඳහන් කළේ, දේහය අද (සැප්. 12) දිනයේදී හොලිරූඩ්හවුස් මාලිගයේ සිට එඩින්බරෝහි පිහිටි සාන්ත ජයිල්ස් ආසන දෙව්මැදුර වෙත ගෙන යනු ඇති බව ය.
අනතුරුව සැප්තැම්බර් 19 වන දා ලන්ඩනයේ වෙස්ට්මින්ස්ටර් ඇබේහිදී දෙවන එලිසබෙත් රැජිණගේ අවමංගල්‍ය උත්සවය පැවැත්වීමට නියමිත ය.
බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් මහ රැජිණ අභාවප්‍රාප්ත වූ බව සැප්තැම්බර් 8 වන දා බකිංහැම් මාලිගය නිල වශයෙන් ප්‍රකාශ කළේ ය.
ඇය බැල්මොරල්හිදී අභාවප්‍රාප්ත වූ අතර මිය යන විට ඇය 96 වන වියේ පසු වූවා ය.