රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අරගලයේ ක්‍රියාකාරී සාමාජිකාවක වන රංගන ශිල්පිනී දමිතා අබේරත්නට ඇප මත මුදා හැර තිබේ.
ඇයව අද (සැප්. 12) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මෙලෙස ඇප මත මුදා හැර ඇත.
ජූලි මස ජනාධිපති ලේකම් කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළු වීම සහ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනා සම්බන්ධයෙන් ඇය සැප්. 7 වන දා කොළඹ උතුර අපරාධ කොට්ඨාසයේ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැප්තැම්බර් 14 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබිණි.
දමිතා අබේරත්න වෙනුවෙන් ජනාධිපති නීතීඥ රියන්සි අර්සකුලරත්න, නීතීඥ තේජිත කෝරලගේ, උදාර මුහන්දිරම්ගේ, තිළිණ පුංචිහේවා, එරන්ද යකන්දාවල ඇතුළු නීතීඥවරු පිරිසක් පෙනී සිට තිබේ.