ශ්‍රී ලංකාවට සහය දැක්වීමට ආසියානු සංවර්ධන බැංකුව සූදානම්

September 12, 2022 - 3:55 PM

ශ්‍රී ලංකාවට සහය දැක්වීමට ආසියානු සංවර්ධන බැංකුව සූදානම් | දේශීය පුවත්

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින අසීරු තත්ත්වයෙන් මිදීමට ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ සහය ලබා දීමට අපේක්ෂා කරන බව, ආසියානු සංවර්ධන බැංකුවේ දකුණු ආසියානු දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල් කෙනිචි යොකොයමා (Kenichi Yokoyama) පවසයි.

ආසියානු සංවර්ධන බැංකුවේ දකුණු ආසියානු දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල් කෙනිචි යොකොයමා (Kenichi Yokoyama) ඇතුළු නියෝජිත පිරිස අද (සැප්. 12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වූ අවස්ථාවේදී මේ බව සඳහන් කළේ ය.

ආසියානු සංවර්ධන බැංකුව හා ශ්‍රී ලංකා රජය අතර ද්වීපාර්ශ්වික සහයෝගිතාවට එළැඹිය හැකි ක්ෂේත්‍ර කිහිපයක් පිළිබඳ මෙහිදී අවධානය යොමු කෙරිණි.

ආසියානු සංවර්ධන බැංකුවේ නේවාසික දූත මණ්ඩල අධ්‍යක්ෂ චෙන් චෙන් (Chen Chen), නියෝජ්‍ය අධ්‍යක්ෂ උත්සව් කුමාර් (Utsav Kumar) යන මහත්වරුන් සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment