රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් ගැන ගත් අලුත් ම තීරණය

September 13, 2022 - 6:16 PM

රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් ගැන ගත් අලුත් ම තීරණය | දේශීය පුවත්

රාජ්‍ය සේවය සඳහා ඉදිරි කාලය තුළ දී අත්‍යවශ්‍ය නොවන බඳවා ගැනීම් සිදු කිරීම තාවකාලිකව නතර කිරීමට රජය තීරණය කර තිබේ.

අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, එසේ වුව ද ඇතැම් ආයතනවල සේවය පවත්වාගෙන යාමේ අවශ්‍යතාව වෙනුවෙන් අතිරික්තව තිබෙන අංශවලින් සේවකයින් යොදා ගන්නා බව ය.

රාජ්‍ය සේවයේ බඳවා ගැනීමේ ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් නිලධාරී කමිටුවක් පත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති අතර ඒ සම්බන්ධයෙන් පැහැදිලි කරමින් අද (සැප්. 13) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව පැවසීය.

එහිදී පවතින ආර්ථික තත්ත්වය හමුවේ රාජ්‍ය සේවය වඩා ත් විධිමත්ව හා කාර්යක්ෂමව මෙන් ම, ඉහළ මට්ටමකින් පවත්වාගෙන යාම අරමුණු කර ගෙන විවිධ අංශවල ඇති පුරප්පාඩු සහ අතිරික්ත පිළිබඳව ගණනය කිරීමෙන් පසුව එම සේවකයින් සංඛ්‍යාව තුලනය කිරීම සිදුවනු ඇත.

අමාත්‍යවරයා සඳහන් කළේ, පසුගිය කාලය තුළ රාජ්‍ය සේවයට බඳවා ගත් 60,000ක් පමණ උපාධිධාරීන් සංඛ්‍යාවකට අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහ අනෙකුත් අත්‍යවශ්‍ය ස්ථාන වෙන් කර ලබා දීම ද මෙම කමිටුව හරහා සිදු වන බව ය.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment