2022 ආසියානු දැල්පන්දු ශූරතාව දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම සහ 2022 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමිකර ගත් ශ්‍රී ලංකා කණ්ඩායම අද (සැප්. 13) දිවයිනට පැමිණියේ ය.
ඔවුන් පිළිගැනීමට ගුවන්තොටුපළ පරිශ්‍රයේ මෙන් ම මග දෙපස ද ජනතාව එක් රැස්ව සිටියහ.
එමෙන් ම, ඇතැම් ස්ථානවල උත්සව ද සංවිධානය කර තිබුණු අයුරු දක්නට ලැබිණි.
දැල්පන්දු ශූරියන් දැල්පන්දු මූලස්ථානයටත්, ක්‍රිකට් ශූරයෝ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයටත් රථ පෙළපාලියකින් පැමිණියහ.