ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡාවල වත්මන් තත්ත්වය මෙන්න

September 13, 2022 - 6:23 PM

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡාවල වත්මන් තත්ත්වය මෙන්න | දේශීය පුවත්

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් චීනය ඇතුළු අනෙක් රටවල් සමග මෙතෙක් අවසන් එකඟතාවකට පැමිණ නැතැයි වැඩබලන කැබිනට් ප්‍රකාශක කර්මාන්ත සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ පවසයි.

අද (සැප්. 13) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.

ණය ප්‍රතිව්‍යුහගත කිරීම වෙනුවෙන් මූල්‍ය උපදේශක සමාගමක් ලෙස ශ්‍රී ලංකා රජය වෙනුවෙන් කටයුතු කරන කළ ප්‍රංශයේ ලසාඩ් ආයතනය මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් මේ වන විට ඉන්දියාව, චීනය සහ ජපානය සමග සාකච්ඡා කරමින් සිටින බව රමේෂ් පතිරණ මහතා මෙහිදී සඳහන් කළේ ය.

අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, “රටක් විදිහට අපි පැරිස් ක්ලබ් ඇතුළු විවිධ ද්වීපාර්ශ්වික සංවිධාන සහ අනෙකුත් ණය හිමියන් සමග මේ පිළිබඳව සාකච්ඡා කරනවා.” යනුවෙනි.

ඒ අනුව, එම රටවල් සමග ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීමට හැකි වනු ඇතැයි ශ්‍රී ලංකා රජය බලාපොරොත්තු වන බව ඔහු වැඩිදුරට ත් පැවසීය.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment