ඊයේ (13) කාන්පූර්හිදි පැවැත්වුනු රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරීස් තරඟාවලියේ තවත් තරඟයක් වූ එංගලන්ත ශ්‍රීලංකා ලෙජන්ඩ්ස් ක්‍රිකට් කංඩායම් අතර පැවති තරඟයෙන් ශ්‍රීලංකාවට පහසු ජයක් හිමිවිය. විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ සනත් ජයසූරිය තම නියමිත පන්දුවාර 04 තුලදී ලකුනු 03ක් පමනක් ලබාදී කඩුලු 04ක් ලබා ගැනීමට සමත්විය. ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් එංගලන්ත ලෙජන්ඩ්ස් කංඩායම පන්දුවාර 19ක් තුලදී සියල්ලන් දැවී රැස්කර ගත්තේ ලකුනු 78ක් පමනි. ශ්‍රීලංකා ලෙජන්ඩ්ස් පිල එම ඉලක්කය පසු කරේ කඩුලු 03ක් පමනක් දැවී පන්දු 33ක් ඉතිරිව තිබියදීය.