පිළියන්දල හිමි දෙනමක් දේපළ බෙදාගන්න බැරිව පිහි ඇනගෙන

September 14, 2022 - 10:15 AM

පිළියන්දල හිමි දෙනමක් දේපළ බෙදාගන්න බැරිව පිහි ඇනගෙන | දේශීය පුවත්

පිළියන්දල, මඩපාත ප්‍රදේශයේ විහාරස්ථානයක ස්වාමීන් වහන්සේලා දෙනමක් අතර ඇතිවූ ආරවුලකින් එක් ස්වාමීන් වහන්සේ නමක් තුවාල ලබා රෝහල්ගත කර ඇත.

තුවාල ලැබූ ස්වාමීන් වහන්සේට පිහියකින් ඇන ඇති බව පොලිසිය කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් එම විහාරස්ථානයේ ම 58 හැවිරිදි හිමිනම අත්අඩංගුවට ගෙන තිබේ.

පන්සලේ දේපළ සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මත මෙම පිහි ඇනුම සිදුකර ඇතැයි පොලිසිය සැක කෙරේ.

සැකකාර ස්වාමීන් වහන්සේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැර ඇත.

පිළියන්දල පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment