මහ රැජිණගේ මෘත දේහය බකිංහැම් මාලිගයට: අද දවසේ වැඩසටහන (VIDEO)

September 14, 2022 - 8:57 PM

මහ රැජිණගේ මෘත දේහය බකිංහැම් මාලිගයට: අද දවසේ වැඩසටහන (VIDEO) | විදේශීය පුවත්

බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් මහ රැජිණගේ දේහය අද (සැප්. 14) බකිංහැම් මාලිගයේ සිට වෙස්ට්මිනිස්ටර් ශාලාව වෙත ගෙනැවිත් එහි තැන්පත් කිරීමට නියමිතව තිබේ.

එරටය මාධ්‍ය වාර්තා කළේ, එහිදී මහ රැජිණගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා මහ ජනතාවට අවස්ථාව ලැබෙන බව ය.

ඒ අනුව, එරට වේලාවෙන් අද සවස 5.00 සිට දෙවන එලිසබෙත් මහ රැජිණගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට මහ ජනතාවට අවසර ලැබෙනු ඇත.

මහ රැජිණගේ දේහය බකිංහැම් මාලිගය සිට වෙස්ට්මිනිස්ටර් ශාලාව වෙත රැගෙන ඒමේදී විලියම් කුමරු සහ හැරී කුමරු එය පසුපසින් පැමිණෙන අතර තෙවන චාල්ස් රජු සහ ඔහුගේ සහෝදර සහෝදරියන් තිදෙනා වන ඈන් කුමරිය, ඇන්ඩෲ කුමරු සහ එඩ්වඩ් කුමරු ද දේහය රැගෙන එනු ලබන අවමංගල්‍ය පෙරහැරේ ගමන් කරනු ඇති බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කර තිබේ.

image-7 
The Queen’s journey to lying-in-state – BBC

ඉන් අනතුරුව සැප්තැම්බර් 19 වන දා ලන්ඩනයේ වෙස්ට්මින්ස්ටර් ඇබේහිදී දෙවන එලිසබෙත් මහ රැජිණගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවය පැවැත්වීමට නියමිත ය.

මහ රැජිණගේ දේහය මේ වන විට බකිංහැම් මාලිගයේ තැන්පත් කර ඇත.

ඊයේ මහ රැජිණගේ දේහය එඩින්බරෝ සිට බටහිර ලන්ඩනයේ නෝර්ටෝල්ට්හි පිහිටි රාජකීය ගුවන් හමුදා කඳවුර වෙත ගුවන් මගින් ගෙන එනු ලැබීය.

එතැන් සිට, මහ ජන ගෞරව මධ්‍යයේ ඇයගේ දේහය රැගත් අවමංගල්‍ය රථය මධ්‍යම ලන්ඩනයේ පිහිටි මාලිගය වෙත ගෙන යන ලද බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කළේ ය.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment