රාජ්‍ය සේවකයින් විශ්‍රාම ගැන්වීමේ වයස සඳහන් චක්‍රලේඛය නිකුත් කෙරේ

September 14, 2022 - 9:09 PM

රාජ්‍ය සේවකයින් විශ්‍රාම ගැන්වීමේ වයස සඳහන් චක්‍රලේඛය නිකුත් කෙරේ | දේශීය පුවත්

රාජ්‍ය නිලධාරීන් අන්වාර්යය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 දක්වා අඩු කිරීමට අදාළ චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශ්‍ය විසින් නිකුත් කරනු ලැබ තිබේ.

ඒ අනුව, අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් හෝ අධිකරණ සංවිධාන පනත මගින් හෝ නිශ්චිතව තීරණය කර ඇති අධිකරණ සේවයේ නිලධාරීන් හැර අනෙකුත් සියලු ම රාජ්‍ය නිලධාරීන් සඳහා මෙය අදාළ වේ.

අන්තර්කාලීන අයවැයේ රජයේ සේවකයින් විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව අවුරුදු 60 දක්වා පහත දැමීමේ යෝජනාව පාර්ලිමේන්තුව සම්මත කළ අතර එය එලෙස සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද හිමි විය.

ඊට අදාළ චක්‍රලේඛය පහතින් දැක්වේ.

Circular

WhatsApp
Telegram
Make a Comment
Make a Comment