පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජනයට ඔස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව අතර සාකච්ඡා ඇරඹේ

September 14, 2022 - 9:19 PM

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජනයට ඔස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව අතර සාකච්ඡා ඇරඹේ | දේශීය පුවත්

ඔස්ට්‍රේලියානු ආයෝජකයන් ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජනය කිරීම සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික සහයෝගිතාවකට එළඹිය හැකි අවස්ථා පිළිබඳ මූලික සාකච්ඡාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද (14) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.‍

මෙම සාකච්ඡාවට ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස් (Paul Stephens) ඇතුළු ආයෝජකයින් පිරිසක් එක්ව සිටියහ.

පවතින විදුලි අර්බුදයට විසඳුමක් ලෙසත්, අඛණ්ඩ විදුලි සැපයුමක් සහතික කර ගැනීම සඳහාත් පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ නව ආයෝජන දිරි ගැන්වීමට රජය ප්‍රමුඛ අවධානයක් යොමු කර ඇත.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment