කොවිඩ් මර්දන තෙවන සිව්වන එන්නත් ලබාදීමේ විශේෂ දින 04ක් ප්‍රකාශයට පත්කර ඇතිබව වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පවසනවා. ඒ අනුව සැප්තැම්බර් 17, 24 සහ ඔක්තොම්බර් 01, 07 යන සෙනසුරාදා දිනයන් හිදි මුලු දිවයින පුරා මෙය ක්‍රියාත්මක වන බව ඒ මහතා පැවසීය. මෙම සායන පෙරවරු 08 සි පස්වරු 03 දක්වා විවෘතව තබනු ලැබේ. තවද දෛනික ආසාදිතයින් 50 ක් පමණ වාර්තා වීම නිසා කොවිඩ් අවධානම පහව ගොස් නැතැයි සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා