ඔක්තෝබර් 14 අධිකරණයේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නොතීසි නිකුත් කර තිබෙනවා.
ඒ පාස්කු ප්‍රහාරය සම්බන්ධ නඩුවකට අදාළව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සැකකරුවෙකු ලෙස නම් කරමින්.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පාදයක් අහිමි වූ යේසුරාජ් ගනේෂන් මහතා සහ සිරිල් ගාමිණී පියතුමා අධිකරණය හමුවේ ඉදිරිපත් කළ පෞද්ගලික පැමිණිල්ලක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙන්ම මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.