නෙළුම් කුලුණ දෙස් විදෙස් සංචාරකයන්ට විවෘත කළ පළමු දින හතරේ ආදායම රු. ලක්ෂ 100 ඉක්මවා තිබෙනවා.
නෙළුම් කුලුණ පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මේජර් ජනරල් ප්‍රසාද් සමරසිංහ මහතා පැවසුවේ, පළමු දින හතරේ 25,000 කට ආසන්න පිරිසක් පැමිණි බවයි.
10,000 කට අධික වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණි ඊයේ(සැප්. 18) පමණක් ආදායම රු. ලක්ෂ 40 ඉක්මවා තිබෙනවා.