සීනි නිසා රසකැවිලි මිල අඩු වෙයි...

September 20, 2022 - 2:48 PM

සීනි නිසා රසකැවිලි මිල අඩු වෙයි... | දේශීය පුවත්

වහාම ක්‍රියාත්මක වන පරිදි රසකැවිලි වල මිල සියයට 10 ත් 13 ත් අතර මිලකින් අඩු කිරීමට තීරණය කර තිබෙන බව ලංකා රසකැවිලි නිෂ්පාදකයින්ගේ සංගමය (LCMA) පවසනවා. 
 
ඒ අනුව සියලුම නිෂ්පාදන කාණ්ඩ හරහා රසකැවිලි නිෂ්පාදනවල මිල පහත වැටීමක් සිදුවන බවයි LCMA සභාපති S.M.D. සූරියකුමාර මහතා පැවසුවේ. 
 
ප්‍රධාන අමුද්‍රව්‍ය දෙකක මිල පහත වැටී තිබීම මෙසේ වෙළඳපොලේ රසකැවිලි ද්‍රව්‍යවල මිල අඩු කිරීමේ තීරණයට බලපෑ බවද ඔහු සඳහන් කළා. 
 
රසකැවිලි නිෂ්පාදනය සඳහා භාවිත කරන සීනි වල කිලෝග්‍රෑමයක් රුපියල් 40 කින් පහත වැටී ඇති අතර එළවළු තෙල් කිලෝවක මිල රුපියල් 250 කින් පමණ පහත වැටී ඇති බව ඔහු අනාවරණය කළා.

WhatsApp
Telegram
Make a Comment
Make a Comment