විදුලිබල මණ්ඩලයේ, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සහ ලිට්‍රෝ ගෑස් සමාගමේ හිටපු සභාපතිවරයකු වන විජිත හේරත්, ඩලස් අලහප්පෙරුමගේ නායකත්වයෙන් යුත් 'නිදහස ජනතා සභාවට' එක්වේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධ පොදුජන ඉංජිනේරු පෙරමුණේ සභාපතිවරයා ලෙස කටයුතු කළ විජිත හේරත්, මේවනවිට එම පක්ෂයේ සියලු වගකීම්වලින් ඉවත්ව ඇත.
ඒ අනුව ඔහු ඊයේ (19) දිනයේදී නාවල පිහිටි නිදහස ජනතා සභාවේ කාර්යාලයේදී ඩලස් අලහප්පෙරුම, ජී. එල්. පීරිස්, චරිත හේරත් ඇතුළු මන්ත්‍රී කණ්ඩායම හමුවී නිදහස ජනතා සභාවට සහය දැක්වීමට සිය එකගතාව පලකලේය.