තම සමාගම විසින් නිෂ්පාදනය කරන නිෂ්පාදන රැසක මිල ගණන් පහත හෙළීමට කටයුතු කළ බව මැලිබන් බිස්කට් සමාගම නිවේදනය කරයි.
පසුගිය මාස කීපය තුල රටේ පැවති තත්වය සමග නිෂ්පාදන පිරිවැය ඉහළ යාමෙන් බිස්කට් මිල ඉහළ දැමුවද මෑත කාලයේ සිට නිෂ්පාදන ද්‍රව්‍ය කිහිපයක මිල අඩු වීම අනුව බිස්කට් මිල පහළ දැමීම කළ බව ඔවුන් සඳහන් කරයි.
මැලිබන් සමාගම එබව දැනුම් දී ඇත්තේ, විශේෂ නිවේදනයක් නිකුත් කරමිනි.
මෑත කාලයේදී බිස්කට් මිල අසාමන්‍ය ලෙස ඉහල යාම මත ජනතාව බිස්කට් මිලට ගැනීම අඩු කිරීම හේතුවෙන් මෙරට ප්‍රධාන පෙලේ බිස්කට් සමාගම් මාධ්‍ය හමුවක් පවත්වමින් බිස්කට් මිලට ගන්නා ලෙස ජනතාවට ආයාචනා කලේය. එසේ නොකලහොත් තම සමාගම් වැසී යනු ඇතැයිද කීහ.