දෙවන එලිසබෙත් රැජිණගේ අවමංගල්‍ය උත්සවයට සහභාගි වීම සඳහා බ්‍රිතාන්‍යයට ගොස් සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු දූත පිරිස අද (සැප්. 21) උදෑසන දිවයිනට පැමිණ තිබේ.
ඔවුන් ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ. 650 දරන ගුවන් යානයෙන් යානයෙන් පෙරවරු 8.23ට දිවයිනට පැමිණ ඇත.
බ්‍රිතාන්‍යයට ගිය ජනාධිපතිවරයා එහිදී තෙවන චාර්ල්ස් රජු සමග සුහද හමුවක නිරත වී තිබුණු අතර බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික ඩයස්පෝරාව ද හමු වී තිබිණි.